මිනී මවුස්ගේ හඬ ලොව හැර යයි
වසර 30කට අධික කාලයක් ඩිස්නි මිනී මවුස්ට හඬ කැවූ හඬ ශිල්පිනි රසි ටේලර් අභාවප්‍රාප්ත වී තිබේ.
75 හැවිරිදි වියේ පසුවූ ඇය ඇමරිකාවේ කැලිෆෝනියාහි දී පසුගිය සිකුරාදා දිවියෙන් සමුගෙන ඇති බව වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කර ඇත.
මිකී මවුස්ගේ සහකාරිය වන මිනීට 1986 සිට රසි ටේලර් හඬ දුන් අතර ඒ අනුව ඇනිමේෂන් සිනමාපට, රූපවාහිනී වැඩසටහන් මෙන්ම තේමා උද්‍යානවල වැඩසටහන් සඳහා ද ඇයගේ දායකත්වය හිමි වී තිබුණි.
ඇය විවාහ වුයේ දිවියෙන් සමුගන්නා තෙක්ම එනම් 2009 වනතෙක්ම මිකීට හඬ දුන් හඬ ශිල්පී වේන් ඇල්වින් සමඟිනි.
ඩිස්නි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ඉගර් නිවේදනයක් නිකුත් කරමින් රසි ටේලර්ට උපහාරය පුද කර ඇත.