අනෝමා ජනාදරීගේ ජිවිත කතාව සිනමාවට නගන්න නිෂ්පාදකවරියක් ඕනෑ
විශිෂ්ට රංගන කුසලතාවය හේතුවෙන් ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වූ රංගන ශිල්පිනි අනෝමා ජනාදරී පසුගියදා නිමාවූ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී විශ්ව කීර්ති සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
දුෂ්කරතා මැදින් ගමනක් පැමිණි මේ සම්මානිත රංගන ශිල්පිනියගේ ජිවිත කතාව සිනමාවට නගන්න කැමැත්තක් තිබේද යනුවෙන් සතිඅන්ත පුවත්පතක් ඇගෙන් පසුගියදිනක විමසා තිබුණි.
එහිදී ඇය ප්‍රකාශ කර තිබුණේ එවැනි අදහසක් තමන්ගේ සිතට ද සිය දහස් වාරයක් පැමිණි බව ය.
මේ අනෝමාගේ අදහස යි,
“හැමෝම මට කියනවා. සිය දහස් වාරයක් මටත් හිතුණා. ඔබේ පුවත්පතේ පුළුවන් නම් පොල් ගෙඩි අකුරෙන් පළ කරන්න “අනෝමාගේ ජීවිත කතාව සිනමාවට නඟන්න කාන්තා නිෂ්පාදකවරියක් ඕනෑ!” කියලා. ඒක මේ පොළවේ හැම ගැහැනු ළමයකුගේම කතාව කියලා මම විශ්වාස කරනවා.”