ජනකරළියට 17 යි
ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරීඇල්ලයන් සහ අභාවප්‍රාප්ත නාට්‍යවේදී එච්.ඒ. පෙරේරාගේ මුලිකත්වයෙන් පිහිටවූ ජනකරළිය නාට්‍ය හා රංගකලායතනය ආරම්භ කර අදට (29) වසර 17 ක් සම්පුර්ණ වෙනවා.
බහු වාර්ගික, බහු ආගමික සහ බහු භාෂිත වෘත්තීමය වේදිකා නාට්‍ය ශිල්පින්ගෙන් සැදුම්ලත් ජනකරළිය නාට්‍ය කණ්ඩායම සාමය සහ බහුවිධතාවය යන පණිවිඩය සමාජගත කිරීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.
2003 දී ඇරඹු ජනකරළිය මේ කාලය තුළ රට පුරා සංචාරය කරමින් නාට්‍ය දර්ශන, තරුණ කණ්ඩායම් සඳහා නාට්‍ය වැඩමුළු, පාසල් ගුරුවරුන් සහ සිසුන් සඳහා නාට්‍ය හා රංග කලා අධ්‍යාපන වැඩසටහන් රාශියක් පවත්වමින් එම අරමුණ ඉටු කරගැනීම සඳහා මෙරට නාට්‍ය ක්ෂේත්රය වෙනුවෙන් දැක්වූ දායකත්වය අති විශාල වේ.
ජනකරළිය නාට්‍ය නිර්මාණ ලෙස චරන්දාස්, සෙක්කුව, හුණුවටය, වෙන්කට්ටි වට්ටම්, පයනිහල්, වටෝළුවෝ සහ උලෝළුවෝ, මිසිස් කෝහිලා මාධවන්, අඳුර සහ එළිය, පරස්ථාව, භාෂා සහ මොලී, සීතාම්බරපටය, අන්දරමල් යන නාට්‍ය නිර්මාණ ද නවතම නිෂ්පාදන ලෙස තිත්ත කහට සහ හිරු නැගෙන තුරු යන නාට්‍ය නිර්මාණ ද හඳුන්වා දිය හැකි ය.
ජනකරළිය කණ්ඩායමේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි මිරර් ආට්ස් අපේ පැතුමයි!