2020 රාජ්‍ය නාට්‍ය උළෙලට දිගු හා කෙටි නාට්‍ය එවන්න
48 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය හා කෙටි නාට්‍ය අත් පිටපත් බාර ගැනීම මේ වනවිට සිදු කෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
සියලුම අයදුම්කරුවන් අත්පිටපත් සැප්තැම්බර් 30 වැනිදාට පෙර අධ්යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වැනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් බාර දිය යුතු ය.
නාට්‍ය අත්පිටපත් සිංහල සහ දමිළ යන භාෂාවලින් යොමු කළ හැකි අතර එය සහ නාට්‍ය වර්ගය ලිපි කවරයේ කෙළවර සඳහන් කළ යුතු ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් 0112872385 යන දුරකථන අංකය ඔස්සේ සිදු කළ හැකි ය.