කේටිගේ “ඩාක් හෝස්” කොපියක්, අධිකරණය තීන්දු කරයි
ජනප්රිය ඇමරිකානු ගායන ශිල්පිනි කේටි පෙරී 2013 දී එළිදැක්වූ “ඩාක් හෝස්” ගීතය ක්රිස්තියානි රැප් ගීයක කොපියක් බවට එරට අධිකරණය තීන්දු කර තිබේ.
රැප් ගායක ෆ්ලේම් 2009 දී නිර්මාණය කළ “ජෝයිෆුල් නොයිස්” නම් ගීතය තමන්ගේ ගීතය පටිගත කිරීමට පෙර කිසිදිනක අසා නොමැති බවට කේටි සාක්ෂි ඉදිරිපත් කර තිබුණි.
ශබ්ද විකාශන යන්ත්ර ක්රියා විරහිත වී තිබීමෙන් ජූරි සභිකයන් ඉදිරියේ “ඩාක් හෝස්” ගීතය වාදනය කිරීමට ඇයගේ නීතිඥවරුන්ට නොහැකි වීම නිසා නඩුව විමසන අවස්ථාවේ දී එය ගායනා කිරීමට පවා ඇය ඉදිරිපත් වී තිබුණි.
කෙසේ වෙතත්, කේටිට එරෙහිව තීන්දුව ලබා දීමට පසුගිය සඳුදා ජූරිය කටයුතු කර ඇත.
ඩාක් හෝස් ගීතය ඇතුලත් වන්නේ කේටි පෙරීගේ සිව්වැනි සංගීත ඇල්බමය වන “ප්රිස්ම්” හි ය. එය එම ඇල්බමයේ ගීත අතුරින් ඉතා ජනප්රිය එකකි.
එම ගීතයේ පිටපත් මිලියන 13කට අධික ප්රමාණයක් ලොව පුරා අලෙවි වී තිබේ. ඩාක් හෝස් වීඩියෝව පමණක් යූ ටියුබ් ඔස්සේ බිලියන 2.6 කට අධික පිරිසක් නරඹා ඇත.