එකලස් රූප පැරඩයිස් රෝඩ් කලාගාරයට
ප්‍රගීත් රත්නායකගේ හයවැනි සිතුවම් දැක්ම “එකලස් රූප” අගෝස්තු 2 වැනිදා සිට 21 වැනිදා දක්වා බම්බලපිටිය පැරඩයිස් රෝඩ් කලාගාරයේදී පැවැත්වීමට නියමිත ය.
“අපි හැමෝම එක එක විදියට අපේ හිස්කම පුරවන්න ගන්න උත්සාහයන් තියෙනවා. මම මොනවා කලත් චිත්‍ර අඳින මනුස්සයෙක්. කලාවේ දේශපාලනයත් ,දේශපාලනයේ කලාවත් ඉතිහාසයට වඩා අදට මගාරින්න බැරි යථාර්තයක් බව මම විශ්වාස කරනවා. කලාව සහ ලස්සන පිලිබඳ ඉතිහාසය තුළ නිපදවූ අර්ථ නිරුපණයන් අප තව දුරටත් ඒ විදියටම භාර ගන්නවාද ? ගොඩක් මිනිස්සු අතරත් කෙනෙකුට තනිකමක් දැනෙන්නේ ඇයි ? සාමුහික ජීවිතයේත්, සමාජ ජීවිතයේත් පෞද්ගලික ජීවිතයේත් යනාදී ගොඩක් ජාලමය සබදතා වෙන් වන්නේ ඇයි? සාමුහික අනන්‍යතාවයක් වෙනුවට කේවල අනන්‍යතාවක් අපට සොභාවික උනේ කොහොමද ?
එකලස් රූප (ll) මගේ හයවන චිත්‍ර ප්‍රදර්ශනය. අගෝස්තු මස 02 වැනි දින සිට අගෝස්තු මස 21 දින දක්වා බම්බලපිටිය පැරඩයිස් රෝඩ් කලාගාරයේදී දිනපතා උදේ 10.00 සිට රාත්‍රී 10.00 දක්වා. ඔබ එන්න.”