‘‘බුත්සරණ” ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කෙරේ
බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳ සඳහන්, විද්යාචක්රවර්තීන් විසින් රචිත ‘‘බුත්සරණ” ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙම ග්‍රන්ථය කොළඹ විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයන අංශය සහ සම්මානිත මහාචාර්ය මණ්ඩලයකගේ පූර්ණ සහයෝගයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සංස්කරණය කොට ප්‍රකාශයට පත් කරන ලද්දකි.
‘‘බුත්සරණ” ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීම සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති, අධ්යක්ෂ ජනරාල් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයත්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම බෞද්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම ද සිදුවිය.