තැප්‍රොබේන් පොත් පලස අගෝස්තු 9 වැනිදායින් අවසන්
තෙමසක් පුරා පැවැත්වුණු “තැප්‍රොබේන් පොත් පලස” එළඹෙන 11 වැනිදායින් නිමාවට පත්වෙනවා.
නුගේගොඩ විජේරාම රෝයල් තැප්‍රොබේන් අවකාශයේ පැවැත්වෙන මෙම පොත් දැක්ම උදැසන 9 සිට රාත්‍රී 11 දක්වා විවෘත වන අතර සියයකට 40 ක වට්ටමක් යටතේ පොත් මිලදී ගැනීමට ද අවස්ථාව හිමිවනවා.
“අගෝස්තු නවය පොත් පලස අවසන් දවස. අවුරුදු විස්සක් විතර පැරණි පොත් විශාල ප්‍රමාණයක් පාඨකාගාරය අතට පත් වුණා. ඒ පොත් කිසිවක් ප්‍රති මුද්‍රණය කරන්නේ නෑ.
ජීවිතයේ බරට අමතර බරක් දැරූ ඉතිහාසය බොහෝ වෙහෙසකරයි. අත් හැරීම වගේ ම බර සැහැල්ලු කර ගැනීමත් සතුට විදීමක්.
තව දවස් නවයකින් පොත් පලස හකුලා ; ෆිල්ම් බලමින් ,ගයමින් ,නටමින්, පත පොත කියවමින්,තැප්‍රොබේන් මිතුරු ඇසුරේ කාලය ටිකක් වැඩිපුර ගෙවන එක බෝනස් සතුට විදීමක්.
තරගය ,ඇරියස් ,ඊගෝ වගේ ඒවා එක්ක හැප්පෙන්න එලියට ගියා ම මිනිස්සු කිලිටි වෙනව.”
-උපුල් ශාන්ත සන්නස්ගල-