ගෝල්ඩන් ග්ලෝබ්: ජිවිතයේ එක්වරක් පමණක් හිමිවන ගෞරව සම්මානය ටොම් හෑන්ක්ස්ට
එළඹෙන වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ දී ප්රවීන රංගන ශිල්පී ටොම් හෑන්ක්ස් ජිවිතයේ එක්වරක් පමණක් හිමිවන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත ය.
2020 ජනවාරි 5 වැනිදා පැවැත්වීමට නියමිත සම්මාන උළෙලේ දී Cecil B DeMille සම්මානය ඔහු වෙත පිරිනැමීමට ලැබීම “ආඩම්බරයට” කරුණක් බව එහි සංවිධායකයින් වන හොලිවුඩ් විදෙස් පුවත්පත් සංගමය (HFPA) ප්රකාශ කරයි.
ෆිලඩෙල්ෆියා සහ ෆොරස්ට් ගම්ප් සිනමාපටවල දැක්වූ රංගන කුසලතාවය සඳහා පිළිවෙලින් 1994 සහ 1995 යන වසර වලදී ටොම් හෑන්ක්ස් පිටපිට ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.
“විවිධාකාර චරිත ඔස්සේ දශක තුනකට අධික කාලයක් ඔහු සිය ප්රේක්ෂක ජනතාව ආකර්ෂණය කරගැනීමට සමත්වුනා,” යනුවෙන් HFPA හි සභාපති ලොරෙන්සෝ සෝරියා පවසයි.
“තිරයෙන් ඉදිරියේ මෙන්ම තිරයෙන් පිටුපස ද තිර රචකයෙක්, නිෂ්පදකවරයෙන් මෙන්ම අධ්යක්ෂවරයෙක් ලෙස ඔහු එකහා සමාන වැඩ කොටසක් ඉටුකළා.”
සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා කටයුතු කළ රංගන ශිල්පියෙකුට, අධ්යක්ෂවරයෙකුට හෝ නිෂ්පාදකවරයෙකුට Cecil B DeMille සම්මානය හිමිවේ. සිනමාවේ සහ රුපවාහිනියේ විශිෂ්ටයින් ඇගයීම උදෙසා වාර්ෂිකව සංවිධානය කෙරෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී මෙම සම්මානය පිරිනැමේ.