ජයතිලක කම්මැල්ලවීරගේ සාහිත්‍ය මෙහෙවර ඇගයේ
සම්මානිත ප්‍රවීන සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර දශක ගණනාවක පටන් මෙරට සාහිත්‍යයට මෙන්ම සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර උදෙසා සිදු කරන ලද මෙහෙවර ඇගයීමට, උපහාර උළෙලක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
“ජයතීර්ථ” නම් වූ මෙම උළෙල පැවැත්වෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා ය. ඒ පස්වරු 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ය.
ප්‍රවීන කිවියර ආරියවංශ රණවීර උත්සවයේ මුලසුන හොබවන අතර මුඛ්‍ය දේශනය මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිදු කෙරේ.
ජයතිලක කම්මැල්ලවීරගේ නිර්මාණ පිළිබඳ විවිධ වියතුන් පළ කළ විචාර ලිපි ඇතුළත් කෘතියක් ද එදින ජනගත කිරීමට නියමිතය.