මාස 4ක අසීරු පුහුණුවකින් පසු පෝල් නැටූ “ජෙනිෆර් ලෝපේස්”
ජෙනිෆර් ලෝපේස් නැතිනම් J.Lo කියන්නේ ලෝක ප්‍රකට චරිතයක්. ඇය ගායන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, නිෂ්පාදිකාවක් වගේම ව්‍යවසායිකාවක්.
1969 උපන් J.Lo ට දැන් වයස 50 ක්. ඒත් වයස කියන්නේ ඇයට තවත් එක් සංඛ්‍යාවක් විතරයි. J.Lo දවසින් දවස අලුත් අලුත් දේ අත්හදා බලන්නේ වයස ගැන කිසිම තැකීමක් නොකරමින් කියන කාරණය ඇගේ නවතම සිනමාපටය “Hustlers” නිසා තවත් ඔප්පු වෙනවා.
චිත්‍රපට 35 කට අධික සංඛ්‍යාවක් සඳහා මේ ගායන ශිල්පිනිය සිය රංගන දායකත්වය සපයා ඇති අතර “Hustlers” කියන්නේ පසුගිය සැප්තැම්බරයේ ප්‍රදර්ශනය ආරම්භ කළ ඇයගේ නවතම සිනමාපටය යි. ලොරේන් ස්කෆාරියාගේ අධ්‍යක්ෂණයක් වන මෙය රාත්‍රී සමාජශාලාවල නර්තනයේ යෙදෙන කාන්තාවන් කිහිපදෙනෙක් වටා දිවෙන ක්‍රයිම් ඩ්‍රාමා ශානරයට අයත් චිත්‍රපටයක්. ලෝපේස් මෙහි නිෂ්පාදිකාවක ලෙසින් ද කටයුතු කරනවා.
“Hustlers” චිත්‍රපටයේ J.Lo පණ පෙවුයේ සමාජශාලා නර්තන ශිල්පිනියකගේ චරිතයකට යි. ඒ චරිතයට අනුව, සිරස් දණ්ඩක් ආධාර කරගනිමින් සිදු කරන අසීරු නර්තන විලාසයක් වන “පෝල්” නර්තනයේ යෙදීම අත්‍යවශ්‍ය කාරණයක් වුණා. අදාළ දර්ශන සඳහා ආදේශක ශිල්පිනියක් යොදා ගැනීමට චිත්‍රපට අධ්‍යක්ෂක තීරණය කර තිබුණත් J.Lo පවසා ඇත්තේ එය තමන් විසින්ම සිදු කළ යුතු බවයි. ඒ අනුව නර්තන පුහුණුවීම් කටයුතු මාස 4 කට පෙර ආරම්භ කර තිබුණු අතර ඇය එම අභියෝගය ඉතා සාර්ථකව ජයගෙන ඇති අයුරු “Hustlers” සිනමාපටය නැරඹීමෙන් ඔබට දැක ගත හැකියි.
J.Lo සිය පුහුණුවීම් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවයි මේ,
අවාරා