රොක් සංගීතයේ නොමැකෙන සටහන් තැබූ ජින්ජර් බේකර් දිවියෙන් සමුගනියි
රොක් සංගීතයේ වඩාත් සම්භාවනාවට පත් ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් වූ ජින්ජර් බේකර් වයස අවුරුදු 80 දී දිවියෙන් සමුගෙන තිබේ.
එංගලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 6 ඉරිදා ඔහු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
1966 දී ඇරඹි සුප්‍රකට “ක්‍රීම්” රොක් සංගීත කණ්ඩායමේ සම-නිර්මාතෘ වන ජින්ජර් බේකර් බ්ලයින්ඩ් ෆේත්, හෝක්වින්ඩ් සහ ෆෙලා කුටි යන සංගීත කණ්ඩායම්වල ද වාදන ශිල්පියෙක් ලෙස ද කටයුතු කළේ ය.
ඔහු ක්‍රීම් සංගීත කණ්ඩායම් සාමාජිකයෙක්ව සිටි අවදියේ ප්‍රකට වූ ගීත ලෙස I Feel Free (1966), White Room (1968), Sunshine of Your Love (1968), Tales of Brave Ulysses (1967) සහ Badge (1969) නම් කළ හැකි ය.
එසේම, ජින්ජර් බේකර් ආවේගශීලි පුද්ගලයකු යන්න ප්‍රසිද්ධ කරුණකි. ඔහුගේ හැසිරීම නිරතුරුවම වේදිකා ගැටුම්වලට ද හේතු වී තිබුණි. කෙසේ වෙතත්, දශක 5 කට අධික කාලයක් තිස්සේ රසික ආදරයට පත්, ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගත් ඩ්‍රම්ස් වාදන ශිල්පියකු ලෙස ඔහු හඳුන්වා දීය හැකි ය.