චමත්ක කවීන් බණ්ඩාරගේ සිව්වැනි කවි එකතුව “විඳිගිරි සිඹිමි” නමින් එළිදකියි
ළමා ලේඛක චමත්ක කවීන් බණ්ඩාරගේ සිව්වන කාව්‍ය සංග්‍රහය වන “විඳිගිරි සිඹිමි” එළඹෙන 12 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
ඒ එදින පෙරවරු 9 ට පේරාදෙණිය සරසවි අධ්‍යාපන විද්‍යා අධ්‍යන අංශ ශ්‍රවනාගාරයේ දී ය.
ළමා වියේදීම ග්රන්ථකරණයට පිවිසි චමත්ක මේ වනවිට කාව්‍ය සංග්‍රහ, තීරු ලිපි සංග්‍රහ, කෙටි නාට්‍ය ඇතුළු කෘතීන් කිහිපයක්ම පළ කර තිබේ. ‘මගේ කවිය මට දෙන්න’, ‘ඒ දඬු පාලම’ සහ ‘එදා එහෙම දවසක්’ ඔහු අතින් මින් පෙර රචනා වූ කාව්‍ය කෘතීන් වේ. ඔහු ලියූ තීරු ලිපි එකතු වන්නේ ‘චමත්කාර’ සහ ‘පතොක් මල් පිපිලා’ යි.
“විඳිගිරි සිඹිමි” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට කවියට හිතැති ඔබ සැමට ආරාධනා!