“ගාඩි” ඇමරිකානු මංගල දැක්ම කැස්ත්‍රෝ සිනමා ශාලාවේ දී
කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිම වුණු ප්‍රසන්න විතානගේගේ නවතම සිනමාපටය “ගාඩි” හි ඇමරිකානු මංගල දැක්ම එළඹෙන 9 වැනිදා සවස 5 ට සැන් ෆ්රැන්සිස්කෝ නුවර පිහිටි ලෝක ප්‍රකට කැස්ත්‍රෝ සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.
ඒ 3rd I ෆිල්ම්ස් විසින් 17 වැනි වරට සංවිධාන කරන සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ(SFISAFF) නියෝජනය කරමිනි. උලෙළ අද දින එනම්, නොවැම්බර් 7 වැනිදා ආරම්භ වන අතර 10 වැනිදා දක්වා පැවැත්වේ.
“ගාඩි” යනු ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය යි. එහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි. රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.
ශ්‍රී ලංකා, ඉන්දියා සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටයේ ලෝක මංගල දැක්ම පසුගිය ඔක්තෝබරයේ පැවැත්වුණු 24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී සිදු කෙරුණි.
“ගාඩි” ළඟදීම මෙරට තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.