නිෂ්පාදන හෝ පසු නිෂ්පාදන අදියරේ පවතින සිනමා ව්‍යාපෘති උදෙසා විවිධ ස්වරූපයේ අරමුදල් ලබා දීමේ අරමුණින් එස්තෝනියාවේ ටැලින් බ්ලැක් නයිට් සිනමා උලෙළේ "Working In Progress" නමින් ක්‍රියත්මක වන අංශය යටතේ වූ "Baltic Event Works In Progress" නම් වූ අනු අංශය හා සම්බන්ධිත ජූරිය නියෝජනය කිරීමට ශ්‍රී ලාංකීය කැමරා අධ්‍යක්ෂක ධනුෂ්ක ගුණතිලක තෝරාපත්කොට ගෙන ඇත. සාමාජිකයින් තුන්දෙනෙකුගෙන් සමන්විත මෙම ජූරියේ සෙසු සාමාජිකයින් දෙදෙනා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය නියොජනය කරනු ලැබේ. එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ ෆින්ලන්තය යන රටවලට අයත් සිනමා ව්‍යාපෘති 10ක් මෙවර ඉහත කී ජූරියේ විනිශ්චයට ලක්වේ. මීට පෙර අවස්ථාවන් ද්විත්වයකදී ජූරී සභිකයෙකු ලෙස අන්තර්ජාතික සිනමා උලෙළයන් නියෝජනය කොට ඇති ධනුෂ්ක ගුණතිලක , සම්පූර්ණයෙන් වැඩ නිම නොවූ සිනමා ව්‍යාපෘති සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික ජූරියක් නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වේ. ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උලෙළයන් 15න් එක් උලෙළක් වන ටැලින් බ්ලැක් නයිට් සිනමා උලෙළ මේ මස 15 වෙනි දිනෙන් පටන්ගෙන එළඹෙන දෙසැම්බර් මස 01 දින දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනය තුල පිහිටා තිබූ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මූලිකත්වයෙන් 2011 වර්ෂයේදී ඇරැඹි කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය සිනමාපට උලෙළේ (COINS) අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කළ ධනුෂ්ක ගුණතිලක, පළමු වරට 2017 වර්ෂයේදී පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති පළමු ආසියා සාම සිනමා උලෙළේ (Asia Peace Film Festival) වාර්තා සිනමාපට ජූරියේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කරන ලදී. ඉන් අනතුරුව 2018 වර්ෂයේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පැවති සිව්වන ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උලෙළේ (All Lights India International Film Festival) ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද ඔහුට හිමිවිය. ඒ අයුරින් විදෙස් රටක පැවති අන්තර්ජාතික සිනමා උලෙළක ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලද ප්‍රථම ශ්‍රි ලාංකේය සිනමාපට කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසින් ඉතිහාසයට එක්ව ඇති ධනුෂ්ක ගුණතිලක , එයට අමතරව මේ දක්වා විදේශයක පැවති අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියක් නියෝජනය කළ එකම ශ්‍රි ලාංකේය සිනමාපට කැමරා අධ්‍යක්ෂකවරයා ද වේ.
තිරගත වූ නිලේන්ද්‍ර දේශප්‍රියගේ 'තණ්හා රතී රඟා',අනුරුද්ධ ජයසිංහගේ 'ගින්නෙන් උපන් සීතල' යන සිනමාපටයන්හී ප්‍රධාන කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසත් විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ ගිනි අරන්' චිත්‍රපටයේ අතිරේක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කර ඇති ධනුෂ්ක ගුණතිලක, ඉදිරියේ තිරගත වීමට නියමිත 'අමාවක' (විජිත ගුණරත්න), 'සුපර්ණා' (සුජීව ප්‍රියලාල්) හා 'කවුරුත් දන්නෙ නැහැ' (බෙනට් රත්නායක) යන සිනමා නිර්මාණයන්හී ප්‍රධාන කැමරා අධ්‍යක්ෂකවරයා වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි