සංහිඳ වසා දැමීමේ තීරණයක්
සංහිඳ මුද්‍රණ සහ ප්‍රකාශන ආයතනයේ හිමිකරු, ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල එම ප්‍රකාශන ආයතනය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
රෝයල් තැප්‍රොබේනියන් ඉදිරි සැලසුම් පිලිබඳ සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉතිරිව ඇති කෘති නුගේගොඩ, විජේරාම රෝයල් තැප්‍රොබේනියන් අවකාශයෙන් මිල දී ගැනීමට හැකියාව ඇති බව යි.
එම සටහන් පහතින්,
“රෝයල් තැප්‍රොබේනියන් ඉදිරි සැලසුම් සාරාංශය :
සංහිඳ ප්‍රකාශන ආයතනය වසා දැමීමට තීරණය කළා.එනිසා ලබන වසරේ කොළඹ පොත් ප්‍රදර්ශනය අපට අදාළ නෑ.මා ලියූ පොත් පත් නැවත මුද්‍රණය කිරීම ගැන සිතමින් .සංහිඳ ගබඩාවෙ සියලු ඉතිරි පොත් ,පොත් පළසක අතුරා තිබෙනවා .පොත් මිටි වශයෙන් .රුපියල් දසදහසක් විතර මිල පොත් රුපියල් දෙදහසකට වගෙ තෑගි වටිනාකමකට .
ඒ පොත් මේ අවාරේ ගන්න පුළුවන් .අවාරෙ දේවල් රස බවත් හිඟ බවත් නැවත ඵල හට ගැනීම අවිස්වසනීය බවත් මතක් කරන්න ඕන .
ජූනියර් ෆ්‍රයිඩේ නයිට් එකක් වෙනුවෙන් දැන් දිගු කාලයක් රිහෙසල් .පොඩි සුහුඹුල් ගැටව් එක්ක රොක් නයිට් එකක්.අමන්දා උදානි පයිලට් වැඩේ කරමින් .
චාමර ගුරුගේ සෙනසුරාදා මූවිනයිට් එකට කලින් හැන්දෑවේ තුනට රස කතා හැන්දෑවක් සැලසුම් කරමින් .
ච්න්තක ජයකොඩි අලුත් කොලිටි ස්ටුඩියෝවක් හැදුව .පෙබරවාරි
වැලන්ටයින් ඩේ එකේ ලව් සිංදුවත්,ඩෙංගු නිසා නැවතුණු ' සමාජ අධ්‍යයන ' රැප් එකත් ,මගේ රී මේක් ලව් සිංදුටිකත් දැන් රෙකෝඩ් කරන්න පුළුවන් .
තැප්‍රොබේන් ඇක්ටින් ස්කූල් එකෙන් ෆිල්ම් එකක් කරන්න සැලසුම් කරමින් ඉන්නෙ .වැඩේ සැලසුම් කරන්නෙ පයිලට් ඉසුරු කාශ්‍යප .උනන්දු අය ඉසුරු කන්ටෑක්ට් කරන්න .
බටංගලගෙ සවුන්ඩ්ස් ඉන්ජිනේරිං ක්ලාස් එකත් ප්‍රගීත් රත්නායගෙ ආර්ට් ක්ලාස් එකත්
ශ්‍රියන්ත වික්‍රමගෙ ග්‍රැෆික් ක්ලාස් එකත්
හමුදා නිලධාරීන් ගෙ කුන්ෆු ක්ලාස් එකත්
සුපුරුදු කාලසටහනේම සතිපතා තියෙනවා .
මේ සෙනසුරාදා 23 රෑ හතට .පුංචි බබා
24 සූර චෞරයා
25 සංගීතා
26 කවුද රජා
27 අංජානා
28 මේ දෑස කුමට ද ?
29 හුලවාලි
පයිලට් අජන්ත අලහකෝන් .
මූවිමන්ත් පළවෙනි සතියෙ නම:
ගැලරියෙ බඩු.
රෝයල් තැප්‍රොබේන් දිනපතා උදේ නවයේ සිට මැදියම් රැය දක්වා අවසරයි.”