නිරුවත් සහ ලිංගික දර්ශන රූගත කිරීම්වලට උපදෙස් මාලාවක්
නිරුවත් සහ ලිංගික රඟපෑම් ඇතුලත් දර්ශන රූගත කිරීම්වලට අදාල සිය පළමු උපදෙස් මාලාව එළිදැක්වීමට එක්සත් රාජධානි අධ්යක්ෂවරුන්ගේ වෘත්තීය සංසදය කටයුතු කර තිබෙනවා.
එක්සත් රාජධානියේ රුපවාහිනී සහ සිනමා අධ්යක්ෂවරු නියෝජනය කරන සංගමයේ අරමුණ වී ඇත්තේ රංගන ශිල්පින් ඇතුළු අනෙකුත් පිරිස් සමඟ වැඩ කිරීමේදී යොදා ගත හැකි හොඳම ක්රියා පිළිවෙත මෙමඟින් ගෙන හැර දැක්වීම යි.
මෙම උපදෙස් මාලාව එළිදැක්වීමට කටයුතු කර තිබුනේ, ගේම් ඔෆ් ත්රෝන්ස් ටෙලි මාලාවේ නිරුවත් දර්ශන “අසීරු” ඒවා බවත් වෙනත් චරිත වෙනුවෙන් ද නිරුවත් වීමට බලපෑම් එල්ල වූ බවත් ජනප්රිය හොලිවුඩ් රංගන ශිල්පිනි එමිලියා ක්ලාක් ප්රකාශ කිරීමෙන් දිනකට පසුව ය.
උපදෙස් මාලාව අනුව කිසිදු කුසලතා පරීක්ෂණයක දී හෝ නැවත කැඳවීමක දී සම්පූර්ණ නිරුවත සහ පළමු කුසලතා පරීක්ෂණයක දී අඩ නිරුවත තහනම් කරන මෙන් දන්වා තිබේ.
“රැකියාවේ සුරක්ෂිතභාවය සෑම පුද්ගලයකුගේම අයිතියක්,” යනුවෙන් එක්සත් රාජධානි අධ්යක්ෂවරුන්ගේ සංසදය පවසයි.
මෙම උපදෙස් මාලාවට Bafta, Equity, BFI සහ Casting Directors’Guild යන ක්ෂේත්රයේ අනෙකුත් සංවිධාන ද සහය පළ කර ඇත.