2019 රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ සම්මාන දිනූ කලාකරුවන් මෙන්න
2019 රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ ප්‍රශස්තම රංගන ශිල්පියා ලෙස තුමිඳු දොඩන්තැන්නත්, ප්‍රශස්තම රංගන ශිල්පිනිය ලෙස කලණි දොඩන්තැන්නත් සම්මානයෙන් පිදුම් ලැබී ය.
14 වැනි වරට සංවිධානය කළ සම්මාන උලෙළ ඊයේ (21) දින අතිඋත්කර්ෂවත් අයුරින් කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.
එහි ප්‍රධාන සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
ප්‍රශස්තම ටෙලි නාට්‍ය : කූඹියෝ
ප්‍රශස්තම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය : ලක්මාල් ධර්මරත්න (කූඹියෝ)
ප්‍රශස්තම ටෙලි තිරපිටපත : නාමල් ජයසිංහ (සහෝදරයා)
ප්‍රශස්තම ටෙලි සංගීත අධ්‍යක්ෂණය : කසුන් කල්හාර (සහෝදරයා)
ප්‍රශස්තම ටෙලි නාට්‍ය සහාය රංගන ශිල්පියා : කලණ ගුණසේකර (කූඹියෝ)
ප්‍රශස්තම ටෙලි නාට්‍ය සහාය නිළිය : යුරේනි නොෂිකා (කූඹියෝ)
ප්‍රශස්තම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය : ධම්මික රත්නායක (සහෝදරයා)
ප්‍රශස්තම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය : සම්පත් වන්නිආරච්චි (තාත්තා)
රාජ්‍ය රුපවාහිනී උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නිවාස ඉදිකිරීම් සහ සස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ සංවිධානය කෙරුණි.