“රෂ්” 27 බදාදා නොමිලේ පෙන්නනවා
මහේෂ් මුණසිංහගේ නවතම සිනමා නිර්මාණය “රෂ්”, නොමිලේ නැරඹීම සඳහා අවස්ථාවක් සිනමා රසික ඔබ වෙත ලබා දීමට එම කණ්ඩායම කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ අනුව, එළඹෙන නොවැම්බර් 27 වැනි බදාදා පෙරවරු 10.30 දර්ශනවාරය මුදල් අය කිරීමකින් තොරව ප්‍රදර්ශනය කිරීමට නියමිත යි. මෙම අවස්ථාව හිමිවන්නේ “රෂ්” චිත්‍රපටය දැනට තිරගත වන සියලුම සිනමාශාලාවලින් පමණි.
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙම අවස්ථාව සිනමා රසිකයින් වෙත ලබාදෙන බවයි “රෂ්” කණ්ඩායම සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි සඳහන් කර ඇත්තේ.