තවත් කොරියානු නිළියක් නිවස තුළ මියගොස් සිටිය දී හමුවෙයි
දකුණු කොරියානු ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන ගෝ හරා සියෝල් නුවර පිහිටි ඇයගේ නවාතැනේ මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.
24 ඉරිදා එරට වේලාවෙන් සවස 6ට පමණ ඇයගේ මෘත ශරීරය සොයා ගැනීමට හැකි වූ බව යි පොලිසිය ප්රකාශ කර සිටින්නේ.
28 හැවිරිදි කලාකාරිනිය K-pop කාන්තා සංගීත කණ්ඩායමක් වන Kara හි හිටපු සාමාජිකාවක් ලෙසින් ප්රකට ය. එම කණ්ඩායමට ඇය සම්බන්ධ වූයේ 2008 දී ය. ඇය සිය පළමු ගීතය එළිදැක්වූයේ 2015 දී ය. EP නම් එම ගීතය කොරියානු ගීත දර්ශකවල පෙරමුණ ගැනීමට සමත් විය.
ගෝ හරාගේ මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන බවත් එරට පොලිසිය ප්රකාශ කර තිබේ. ඉකුත් මැයි මස දී සියදිවි හානි කරගැනීමට උත්සහ කිරීමෙන් පසු ගෝ හරා රෝහල් ගත කළ අතර පසුගිය සතියේ සිට ඇය නැවතත් කලා කටයුතු ආරම්භ කර තිබුණි.