මෙරට කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනියන් 8 දෙනෙක්ගේ චිත්‍රපට ජාත්‍යන්තර සිනමා උලෙළකට
ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනියන් අට දෙනකුගේ නිර්මාණ චීනයේ මැකාඕ නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළක දී ප්‍රදර්ශනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.
සවුන්ඩ් ඇන්ඩ් ඉමේජ් චැලේන්ජ් ජාත්‍යන්තර සිනමා උලෙළේ (Sound & Image Challenge International Festival) Expanded Cinema නම් තරගකාරී නොවන අංශය යටතේ ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපට වන්නේ ජාතික සේම ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට පාත්‍ර වූ ලංකා බණ්ඩාරනායකගේ “Tradition”, චතුමි විදුෂිකාගේ “The Image”, ෆාතිමා ශනාස්ගේ “Hope”, නයනි සන්ධ්‍යා චන්ද්‍රසිංහගේ “Dreams Weavers and Viewers”, අජන්තා විජේවර්ධනගේ “Beneath Two Ends”, කිත්මිණි හේමචන්ද්‍රගේ “Intimacy”, අනෝමා වීරසේකරගේ “Letter”, අනෝමා වීරසේකරගේ “Blood” යන චිත්‍රපට ය.
ඒ අනුව කෙටි චිත්‍රපට දෙසැම්බර් 6 වැනිදා සවස 5 සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරේ. මෙම කෙටි චිත්‍රපට චීනයේ මැකාඕ හි ප්‍රදර්ශනය කෙරෙන්නේ පළමු වරට ය.
මෙරටින් ඉදිරිපත් කෙරෙන කෙටි චිත්‍රපට 8 හි අභිරක්ෂිකා වශයෙන් උලෙළට එක් වන සිනමාවේදිනි ලංකා බණ්ඩාරනායක උලෙළේ කෙටි චිත්‍රපට ජූරි මණ්ඩල සාමාජිකාවක ලෙසින් ද කටයුතු කරයි. Looking into the Diversity මැයෙන් වැඩමුළුවක් ද දෙසැම්බර් 6 වැනිදා ඇය විසින් උලෙළට සමගාමිව සිදු කිරීමට නියමිත ය.
සවුන්ඩ් ඇන්ඩ් ඉමේජ් චැලේන්ජ් ජාත්‍යන්තර සිනමා උලෙළ දෙසැම්බර් 3 වැනිදා ආරම්භ කෙරෙන අතර දෙසැම්බර් 10 වැනිදා දක්වා චීනයේ මැකාඕහි ඩොම් පෙද්රෝ වී රංගශාලාවේ දී පැවැත්වේ.