“ඔබේ ජීවිතයේ ඇති සොඳුරුම කොටස ඔබෙන් ගිලිහෙන්න නොදෙන්න” සමනලී
"දෙදෙනෙක් අතර ඇතිවෙන ආදරය කියන්නෙ කායිකව සහ මානසිකව එකිනෙකා ගවේෂණය කරගැනීමක්. ඒ හරහා දේවල් ගොඩ නැගීමක්. දෙදෙනෙක් එකතුවෙන හැම මොහොතකම ගොඩ නැගෙන්නෙ බල සම්බන්ධයක් තමයි. ඒත් ඒ බලය සමබර තැනකට අක්ෂගත කර ගැනීම ආදරයේ ලොකුම ජයග්‍රහණයයි. අපිට එවැනි ආදරේකදි කායික ගවේෂණය අමතක කරන්න කොහොමටත් බැහැ. මිනිස්සු ඒ ගැන කතා කරන්න ඉතාම බයයි. මම මේ කියන්නෙ කාඹරයක් ඇතුලෙ තනිවෙලා කරන ලිංගික ක්‍රියාවලියක් ගැන නෙමෙයි. ස්පර්ශය කියන්නෙ ඊට වඩා වෙනස් දෙයක්. දෙදෙනෙකුගේ සම්බන්ධතාවයකට එහා ගොස් ඔහු හෝ ඇය පවතිනවා කියන හැඟීම ඔවුන්ට දැනවීමට ස්පර්ශය අත්‍යාවශ්‍යයි. දුරින් ඉඳන් ආදරය කරන දෙන්නෙක් පවා ස්පර්ශයෙන් ආදරය කරනවා. 'එයාගෙ කොන්ඩෙ සුවඳ...', 'එයාගෙ උණුහුම...' මේ දේවල් සිහි ගැන්වීම, අහිමිවීමේ ශෝකය විඳීම තුලම තියෙන්නෙ ස්පර්ශයට ඇති අවශ්‍යතාවයයි. මේක භෞතිකයි. අපි මේ ස්පර්ශය ප්‍රායෝගිකව සමාජය ඉදිරියට ගේන්න බයයි. එහෙම නැත්තම් කාලයක් යද්දි ඒක ඒ දෙදෙනා විසින්ම ඈත් කරනවා. පවුල, ළමයි, සමාජය මේ හැම දෙයක් හින්දම සම්බන්ධයක ප්‍රධානම කාරනාව වන ස්පර්ශය අපි ඈත් කරලා දානවා. අපි බොහෝ දෙනෙකු අපේ අම්මා තාත්තා ආදරයෙන් ඉඳහිට හෝ එකිනෙකාගේ නළලවත් සිප ගන්නවා දැක නැහැ. තාත්තා අම්මාගෙ කොණ්ඩෙ සුවඳ බලනවා දැක නැහැ. ආදරය නොපැවසූ, නොපෙන්වූ තැනක තබා ඔවුන් එකට ජීවත් වෙනවා, ගෙවල් හදනවා, දරුවන්ට උගන්වනවා, යාලුවො එක්ක ට්‍රිප් යනවා, ආගම් අදහනවා... ඒ දිහා බලන් හැදෙන දරුවනුත් ආදරණීය ස්පර්ශයට බය වෙනවා. එහෙම එකට ජීවත් වෙලා එක්කෙනෙක් හෝ ජීවිතයෙන් සමු ගත්ත දවසට මෙතෙක් කල් නොපැවසූ නොපෙන් වූ ආදරයේ, ස්පර්ශයේ පසුතැවිල්ලට අර ෆෝමලින් ගැසූ මිනියක් බදාගෙන අඬනවා. සමාජය, දරුවන්, ආගම්, පවුල මේ කිසිම දෙයක් තවදුරටත් ඒ අයට බාධාවක් නෙමේ. ජීවත් වෙලා සිටියදී ආදරෙන් උණුහුමට වැලඳගන්න බැරි, මැරුනහම ෆෝමලින් ගඳගහන සීතල මිනියක් බදාගෙන අඬන ඒ ආදරය කුමක්ද ? ආදරය, එය එපමණයි. ඔබේ මේ ජීවිතයේ ඇති සොඳුරුම කොටස! කිසිවකට බිය වී එය ඔබෙන් ගිලිහෙන්න නොදෙන්න! ආදරය කරන්න, වැලඳගන්න. අවසන් වූ ආදරයන්ට ආදරෙන් සමුදෙන්න, අලුත් ආදරයන් සොයාගන්න. නොමැතිනම් තමන්ට ආදරය කරන්න පටන් ගන්න. මේ ජීවිතය එක් වරයි...!"
- සමනලී ෆොන්සේකා.