මෙවර විශ්ව රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවට
2019 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුරූපිනිය, සොසිබිනි ටුන්සි ඊයේ (8) දින සමත් විය.
අවසන් මහා තරගාවලිය ඊයේ රාත්‍රියේ ජෝජියාවේ ඇට්ලන්ටා ස්ටුඩියෝ හිදී පැවැත්වුණි.
පිහිනුම් ඇඳුම් වටයෙන්, රාත්‍රී සාද ඇඳුම් වටයෙන් මෙන්ම සමාජ ප්‍රශ්න පිළිබඳ රූප රැජිනියන්ගෙන් විමසීමෙන් අනතුරුව විශ්ව රූ රැජින කිරුළ දැරීමට තමන් සුදුසු වන්නේ ඇයි දැයි විනිශ්චය මණ්ඩලය යොමු කළ පැනයට සාර්ථකව පිළිතුරු දුන් සොසිබිනි, තරග ජය තමන් වෙතට හරවා ගැනීමට සමත් විය.
ඇය ඇගේ අවසන් පිළිතුර ලෙස සඳහන් කළේ මෙවැන්නකි “මම හැදුණේ වැඩුණේ මගේ වගේ රූපයක් ඇති -මගේ වගේ සමක්, මගේ වගේ කොණ්ඩයක්- කාන්තාවන් ලස්සනයි කියලා කිසි විටක නොසලකපු ලෝකයක. මම හිතනවා එය අවසන් වන දිනය අද යි කියලා. පොඩි දරුවෝ මගේ මුහුණ දිහා බැලුවට පස්සේ මා තුලින් ඔවුන් ඔවුන්ගේම මුහුණු දකින්න ඕන... එය යි මට අවශ්‍ය කරන්නේ.”
විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ මැඩිසන් ඇන්ඩර්සන්ටත් තෙවැනි ස්ථානය මෙක්සිකෝවේ සොෆියා ඇරගන්ටත් හිමිවිය.