“Chhapaak” නිසා දීපිකා පදුකෝන්ට කතාකරගන්න බැරිවෙයි
නුදුරේදීම ප්‍රදර්ශනය කිරීමට නියමිත “Chhapaak” සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමේ උලෙළේ දී රංගන ශිල්පිනි දීපිකා පදුකෝන් කතාකරගැනීමට පවා නොහැකි තරමට හැඟීම්බර වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේග්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමාපටයේ ඇය නිරුපණය කරන්නේ ඇසිඩ් ප්‍රහාරයකින් දිවි ගලවාගත් තැනැත්තියකගේ චරිතයකි. සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය ඇසිඩ් ප්‍රහාරයකින් දිවි ගලවාගත් ලක්ෂ්මි අගර්වාල් නම් කාන්තාවගේ කතාවයි.
“Chhapaak” පූර්ව ප්‍රචාරකපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව දීපිකා වේදිකාවට කැඳවා තිබු අතර එහිදී ඇයට සිය කඳුළු සඟවා ගැනීමට නොහැකි වී තිබුණි.
“ට්‍රේලර් එක පෙන්නුවාට පස්සේ අපි වේදිකාවට එන එක ගැන වීතරයි මම හිතුවේ ඒත් වේදිකාව උඩට ඇවිත් කතා කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මම ට්‍රේලර් එක දකින හැමවෙලේම, මම................ අපිට මේ ගැන පස්සේ කතා කරන්න පුළුවන් ද? මට සමාවෙන්න,” යනුවෙන් දීපිකා පැවසුවා ය.
දීපිකා පදුකෝන් මිට පෙර සම්පුර්ණ ප්‍රචාරකපටය නරඹා නොතිබීම නිසා වඩාත් සංවේදී වන්නට ඇතැයි ඇය අසලින් සිටි අධ්‍යක්ෂවරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
එය තමන්ගේ රංගන ජිවිතයේ වඩාත් වැදගත්ම ව්‍යාපෘතිය බවත් චිත්‍රපටයේ කතාව කෙරෙහි තමන් ආත්මීයව බැඳී සිටින බවත් පසුව 33 හැවිරිදි රංගන ශිල්පිනිය මාධ්‍යට පැවසුවා ය.
“Chhapaak” එළඹෙන වසරේ ජනවාරි 10 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට නියමිත යි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින්,