ගායන ශිල්පිනි මරී ෆ්රෙඩ්රික්සන් දිවි ගමනින් සමුගනියි
61 වියේ පසුවූ ගායන ශිල්පිනි මරී ෆ්රෙඩ්රික්සන් දිවි ගමනින් සමුගෙන තිබේ.
Roxette සංගීත යුගලයේ එක් සාමාජිකාවක වූ මේ ස්වීඩන් ජාතික ගායිකාව 1990 ගණන්වලදී Joyride, The Look සහ It Must Have Been Love වැනි ගීත ඔස්සේ ජනප්රියත්වයක් අත්කරගත්තා ය.
17 වසරක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය පසුගිය 9 වැනිදා ජිවිතයෙන් සමුගත් බවට ඇයගේ කළමනාකරු විසින් නිවේදනය කර ඇත.
“පසුගිය වසර 40ක කාලය පුරාවට ඔබ සැබෑ මිතුරියක් වුණා. ස්තුතියි මරී, හැමදේටම ස්තුතියි,” යනුවෙන් ඇයගේ සංගීත සගයා පර් ගෙසෙල් නිකුත් කළ ශෝක ප්රකාශයේ සඳහන් වේ.
මරී ෆ්රෙඩ්රික්සන්ගේ හදිසි අභාවය පිළිබඳ ලොව පුරා ඇගේ රසික, රසිකාවියන් ශෝකය පළ කර තිබේ.