ෆාතිමා ශනාස්ගේ “Hope” පූනේ අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට
ෆාතිමා ශනාස් විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද “Hope” කෙටි චිත්‍රපටය පූනේ, ඉන්දියා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට නිළ වශයෙන් තේරී පත්වී තිබේ.
දෙසැම්බර් 15 වැනිදා ඇරඹි සිනමා උලෙළ දෙසැම්බර් 30 වැනිදා දක්වා ඉන්දියාවේ, පූනේ නුවර භාරති විද්යාපීත් හි දී පැවැත්වේ.
රටවල් 132ක නිර්මාණකරුවන් සහභාගී වන මෙම කෙටි චිත්‍රපට උලෙළේ දී “Hope” සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 21 සෙනසුරාදා ය.
“Hope” චිත්‍රපටය මෙවසරේ දී බෙංගාල ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල, බංග්ලාදේශ ගෝලීය යෞවන සිනමා උළෙල, GOA කෙටි චිත්‍රපට උලෙළ ඇතුළු විදෙස් සිනමා උලෙළ කිහිපයක්ම නියෝජනය කිරීමට අවස්ථාව හිමි කරගෙන තිබුණි.
හර්ෂි රසංගා, A. උමා, කලයි චෙල්වම්, අනිල් k. විජේසිංහ රංගන දායකත්වය සපයා ඇති මෙම කෙටි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය විරාජ් ලියනාරච්චි, සංස්කරණය සංඛ මල්වත්ත, නිෂ්පාදන කළමනාකරණය තමීර මංජු, සහාය අධ්‍යක්ෂණය ඉඳුවර අර්ථනායක, පසන් කස්තුරි සහ සංගීතය රචික ද සිල්වා අතින් නිම වී ඇත. නිෂ්පාදනය අනෝමා රාජකරුණා විසිනි.