ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය තරිඳු රාමනායකගේ “Krimikosh”
9 වැනි ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට තරිඳු රාමනායකගේ “Krimikosh” (Cocoon) සමත් විය.
හොඳම කෙටි චිත්‍රපටය සඳහා නිර්දේශ ලෙස චන්දන ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයක් වන “මගුල් ප්රජාතන්ත්රවාදය”, මලින්ද හිද්දැල්ලආරච්චිගේ අධ්‍යක්ෂණයක් වන “Game Over”, සේනාධිරාජා වනිතගේ අධ්‍යක්ෂණයක් වන “The Ruins”, තිලින උදාරගේ අධ්‍යක්ෂණයක් වන “Sweets” සුදුසුකම් ලබා තිබුණි.
සිනමා උලෙළ දෙසැම්බර් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
සම්මාන දිනූ සෙසු ජයග්‍රාහකයින් පහතින්,
ජූරියේ සම්මානය : චන්දන ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයක් වන “මගුල් ප්රජාතන්ත්රවාදය”.
මානව හිමිකම් සම්මානය : හිලුෂ හේවාගමගේ අධ්‍යක්ෂණයක් වන “Testimony of Silence”
සමාජීය ස්ත්‍රී පුරුෂ භාවි කෙටි චිත්‍රපටය : බවනිධා ලෝකනාධන්ගේ අධ්‍යක්ෂණයක් වන “ Generations”
හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය : රාහුල් කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වන “Mr Flex”
මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරු : අරිත තිසෙන් උමගිලිය (Catharsis)
හොඳම කැමරා අධ්‍යක්ෂණය : දිමුතු කාලිංග (මඟුල් ප්රජාතන්ත්රවාදය)
හොඳම සංස්කරණය : චන්දන ප්‍රසන්න (මඟුල් ප්රජාතන්ත්රවාදය)
හොඳම තිර පිටපත : රන්දී කළුආරච්චි සහ මලින්ද හිද්දැල්ලආරච්චි (Game Over)