කාන්ස් සිනමා උලෙළේ දී සම්මාන දිනූ, ගෝල්ඩන් ග්ලෝබ් නිර්දේශ ලත් “Parasite” 18 ප්රදර්ශනය කෙරේ
කොළඹ සිනමා සහ රූපවාහිනී ඇකඩමිය විසින් ඉදිරිපත් කරනු ලබන “සිනෙමාතෙක්” මාසික සිනමා ප්රදර්ශනය සහ සංවාදය එළඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඒ එදින පස්වරු 5.30ට වෝඩ් පෙදෙස, කොළඹ සිනමා සහ රූපවාහිනී ඇකඩමියේ දී ය.
දකුණු කොරියානු සිනමාවේදී බොන් ජූන්-හෝ අධ්යක්ෂණයක් වන “Parasite” එහිදී ප්රදර්ශනය කෙරේ. 2019 කාන්ස් සිනමා උලෙළේ දී Palme d’Or සම්මානය දිනූ මෙම චිත්රපටය එළඹෙන ජනවාරියේ පැවැත්වීමට නියමිත 77 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උලෙළේ හොඳම අධ්යක්ෂණය, හොඳම තිර රචනය සහ හොඳම විදෙස් භාෂිත සිනමාපටය යන සම්මාන ත්රිත්වය උදෙසා නිර්දේශ වී තිබේ. ඒ අනුව ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උලෙළට සුදුසුකම් ලැබූ පළමු කොරියානු සිනමාපටය බවට “Parasite” පත්විය.
නොමිලේ පැවැත්වෙන සිනමා දැක්මට සහ සංවාදයට එක්වන මෙන් ඔබටත් ඇරයුම්!