දුෂ්ට පොලිස් නිලධාරියෙක් ලෙස රජිනිකාන්ත් රිදී තිරයට?
සුපිරි කොලිවුඩ් නළු රජිනිකාන්ත් මුම්බායි හි පොලිස් කොමසාරිස්වරයකු ලෙස චරිත නිරුපණය කරන “Darbar” චිත්‍රපටය එළඹෙන වසරේ ජනවාරි මස පොංගල් උත්සවයට සමගාමිව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඒ.ආර්. මුරුගදාස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණි.
“Darbar” හි දුෂ්ටයාගේ චරිතය සුනිල් ශෙට්ටි විසින් රඟ දක්වන අතර ප්‍රධාන නිළි චරිතය නයනතාරා විසින් රඟ දක්වනු ලැබේ.
පූර්ව ප්‍රචාරකපටය පුරා අනුකම්පා විරහිත ආධිත්‍ය අරුණාචලම් නම් පොලිස් නිලධාරියා ලෙසින් පෙනී සිටින රජිනිකාන්ත් අවසානයේ දී “මම නරක පොලිස් නිලධාරියෙක්” යැයි ප්‍රේක්ෂකාගාරයට පවස යි. එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම සිනමාපටයේ ඔහු ද්විත්ව චරිත නිරුපණය කරනු ලබ යි. ඒ පොලිස් නිලධාරියෙක් සහ සමාජ සේවකයෙක් ලෙස ය.
“Darbar” චිත්‍රපටයේ රජිනිගේ චරිතය ගැන හරියටම දැනගන්න නම් ලබන ජනවාරි වෙනකම් ඔබට ඉවසන්න වේවි.