කෙටි චිත්‍රපට උලෙළක් මහනුවර දී
මෙරට කෙටි චිත්රපටකරුවන් සිව් දෙනෙක්ගේ නිර්මාණ ඇතුලත් කෙටි චිත්‍රපට උලෙළක් හෙට (28) දිනයේ දී මහනුවර දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
හෙට උදැසන 10ට මහනුවර ජනමැදුර ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරේ.
නයනි සන්ධ්‍යා චන්ද්‍රසිංහගේ සිහින දකින්නන් හා වියන්නන්, රාහුල ජයසේකරගේ කලු සල්ලි, සෙව්වන්දි දළදාවත්තගේ මුහුණු මුහුණු සහ තිසර මංගල බණ්ඩාරගේ ගණන්ගන්නැති කතාවක් එදින ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
පේරාදෙණි සරසවියේ ලලිත කලා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා විසින් “කෙටි චිත්රපටකරුවන්ගේ සමාජ වගකීම හා කාර්යභාරය” පිළිබඳව කෙටි අදහස් දැක්වීමක් එදින සිදු කරන අතර මෙම සිනමා දැක්මට එක්වන මෙන් විශ්ව කලා පදනම ඔබ සැමට ආරාධනා කර සිටි යි.