චිත්‍රපට සංස්ථාවට, ටවර් හෝල් පදනමට නව ප්‍රධානින් පත් කෙරේ
බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ජාතික චිත්‍රපට සංස්ථාව, ටවර් හෝල් රඟහල පදනම සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය යන ආයතන තුනට නව ප්‍රධානින් පත් කර තිබේ.
ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයට ආචාර්ය ජයන්ත ධර්මදාස, ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ ධුරයට රොහාන් වැලිවිට, ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජනරාල් ධුරයට ඩග්ලස් සිරිවර්ධන සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට ස්ටෙලා මාරපන පත් කර ඇත.
ඔවුන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (2) දින සිදු කෙරුණි.