“මාවල්” සිනමා ලෝකයට සංක්‍රාන්ති ලිංගික සුපිරි වීරයෙක්
සිය ප්‍රථම සංක්‍රාන්ති ලිංගික සුපිරි වීරයා ගෙන ඒමට මාවල් සිනමා ලෝකය සුදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නිව්යෝක් සිනමා ඇකඩමියේ පැවති සාකච්ඡාවක දී මාවල් ස්ටුඩියෝවේ ප්‍රධානියා කෙවින් ෆේජ් පවසා තිබුණේ “ඉතාම ඉක්මනින්.. අපි මේ වනවිට රූගත කිරීම් සිදුකරන චිත්‍රපටයකින්,” යනුවෙනි.
මාවල් සිනමාපටවලට තව LGBT චරිත ඇතුල් කිරීමේ සැලසුම් තිබේ දැයි රසිකයෙක් විමසු පසු “ඔව්, අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගික චරිත” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
වාර්තා වන පරිදි ඒ චරිතය මීළඟ “තෝර්” චිත්‍රපටයෙන් හඳුන්වා දීමට නියමිත ය. ඒ අනුව දැනට මාවල් කොමික් කතාවල සිටින එකම සංක්‍රාන්ති ලිංගික චරිතය වන්නේ මෑතකදී හඳුන්වා දුන් “සේරා” නම් සුපිරි වීරවරිය බව සමහරකුගේ අදහස වේ. තවත් සමහරකුගේ අදහස වන්නේ අවසන් ඇවෙන්ජර්ස් සිනමාපටයේ අස්ගාඩ් හි රජු ලෙස තෝර් විසින් පත් කළ වොල්කයිරි, සංක්‍රාන්ති චරිතයක් ලෙස ගෙන එනු ඇති බව යි.
කෙසේ වෙතත් මේ සුපිරි වීරයා එළිදකින සිනමාපට කුමක්දැයි තවම තහවුරු කර නොමැත. මීළඟ තෝර් සිනමාපටය “Love and Thunder” ප්‍රදර්ශනයට සැලසුම් කර ඇත්තේ 2021 දී ය.