77 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ ප්‍රමුඛතම සම්මාන තමන් සතු කරගැනීමට ක්වන්ටින් ටැරන්ටිනෝගේ “Once Upon a Time in Hollywood” සහ සෑම් මෙන්ඩස්ගේ “1917” යන සිනමාපට සමත්විය.
“Joker” සිනමාපටයේ අතිවිශිෂ්ට රංගනයක නිරත වූ ජැකන් ෆීනික්ස් හොඳම රංගන ශිල්පියා ලෙස ද හොඳම රංගන ශිල්පිනිය ලෙස “Judy” සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ රෙනේ (z)සෙල්වෙගර් ද සම්මාන දිනාගත් අතර හොඳම විදෙස් භාෂිත සිනමා නිර්මාණය වූයේ “Parasite” ය.
රූපවාහිනී නිර්මාණ අතුරින් හොඳම ටෙලි මාලාව ලෙස “Succession” සහ හොඳම සීමිත ටෙලි මාලාව ලෙස “Chernobyl” ඇගයුම් ලැබී ය.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සහ සිනමා නිර්මාණ ඇගයෙන මෙම සම්මාන උලෙළ පසුගියදා රාත්‍රියේ (5) ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
සම්පූර්ණ ජයග්‍රාහකයින් පහතින්,
සිනමා සම්මාන
හොඳම සිනමාපටය – 1917
හොඳම රංගන ශිල්පිනිය – රෙනේ (z)සෙල්වෙගර් (Judy)
හොඳම රංගන ශිල්පියා – ජැකන් ෆීනික්ස් (Joker)
හොඳම සිනමාපටය (සංගීතමය හෝ ප්‍රහසන) - Once Upon a Time in Hollywood
හොඳම රංගන ශිල්පිනිය (සංගීතමය හෝ ප්‍රහසන) - ඕක්වෆිනා (The Farewell)
හොඳම රංගන ශිල්පියා (සංගීතමය හෝ ප්‍රහසන) – ටැරන් එගර්ටන් (Rocketman)
හොඳම චිත්‍රපටය (ඇනිමේෂන්) – Missing Link
හොඳම චිත්‍රපට (විදෙස් භාෂිත) – Parasite
හොඳම සහාය රංගන ශිල්පිනිය - ලෝරා ඩර්න් (Marriage Story සිනමාපටය)
හොඳම සහාය රංගන ශිල්පියා - බ්‍රැඩ් පීට් (Once Upon a Time in Hollywood)
හොඳම අධ්‍යක්ෂණය - සෑම් මෙන්ඩස් (1917)
හොඳම තිරරචනය - ක්වන්ටින් ටැරන්ටිනෝ (Once Upon a Time in Hollywood)
හොඳම ගීතය - I’m Gonna Love Me Again (Rocketman)
රූපවාහිනී සම්මාන
හොඳම ටෙලි මාලාව - Succession
හොඳම රංගන ශිල්පිනිය - ඔලිවියා කොල්මන් (The Crown)
හොඳම රංගන ශිල්පියා - බ්‍රයන් කොක්ස් (Succession)
හොඳම ටෙලි මාලාව (සංගීතමය හෝ ප්‍රහසන) – Fleabag
හොඳම රංගන ශිල්පිනිය (සංගීතමය හෝ ප්‍රහසන) - ෆීබි වොලර් බ්‍රිජ් (Fleabag)
හොඳම රංගන ශිල්පියා (සංගීතමය හෝ ප්‍රහසන) - රැමී යුසෆ් (Ramy)
හොඳම සීමිත ටෙලි මාලාව හෝ ටෙලි චිත්‍රපටය - Chernobyl
හොඳම රංගන ශිල්පිනිය (සීමිත ටෙලි මාලාව හෝ ටෙලි චිත්‍රපටය) – මිෂෙල් විලියම්ස් (Fosse/Verdon)
හොඳම රංගන ශිල්පියා (සීමිත ටෙලි මාලාව හෝ ටෙලි චිත්‍රපටය) - රසල් ක්‍රෝ (The Loudest Voice)
හොඳම සහාය රංගන ශිල්පිනිය (ටෙලි මාලා, සීමිත ටෙලි මාලා හෝ ටෙලි චිත්‍රපට) - පැට්‍රිෂියා ආර්කෙට් (The Act)
හොඳම සහාය රනගන ශිල්පියා (ටෙලි මාලා, සීමිත ටෙලි මාලා හෝ ටෙලි චිත්‍රපට) - ස්ටෙලන් ස්කාර්ස්ගාඩ් (Chernobyl)
© Mirror Arts
සබැඳි පුවත්