9 වැනි “ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ” ජයග්රාහි නිර්මාණ 8 වැනිදා ප්‍රදර්ශනය කෙරේ
ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ ජනවාරි ප්‍රදර්ශනය සඳහා 9 වැනි “ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ” ජයග්රාහි නිර්මාණ සහ නිර්දේශිත නිර්මාණ කිහිපයක් තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම වැඩසටහන ජනවාරි 8 වැනිදා සවස 6ට කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරේ.
“ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ” හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනූ තරිඳු රාමනායකගේ “Krimikosh”, ජූරියේ සම්මානය, හොඳම සංස්කරණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම රංගනය යන සම්මාන දිනූ චන්දන ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයක් වන “මගුල් ප්රජාතන්ත්රවාදය”, හොඳම චිත්‍රපටය උදෙසා නිර්දේශ වූ තිලින උදාරගේ අධ්‍යක්ෂණයක් වන “Sweets” , හොඳම චිත්‍රපටය උදෙසා නිර්දේශ වූ සේනාධිරාජා වනිතගේ අධ්‍යක්ෂණයක් වන “The Ruins”, හොඳම චිත්‍රපටය සහ හොඳම තිරරචනයට නිර්දේශ වූ මලින්ද හිද්දැල්ලආරච්චිගේ අධ්‍යක්ෂණයක් වන “Game Over”, මානව හිමිකම් සම්මානය දිනූ හිලුෂ හේවාගමගේගේ “Testimony of Silence”, සමාජීය ස්ත්‍රී පුරුෂ භාවි කෙටි චිත්‍රපටය සම්මානය දිනූ බවනිධා ලෝකනාධන්ගේ “ Generations”, හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය සම්මානය දිනූ රාහුල් කුමාර්ගේ “Mr Flex”, මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරු ලෙස සම්මාන දිනූ අරිත තිසෙන් උමගිලියගේ “Catharsis” එදින ප්‍රදර්ශනය කෙරෙන නිර්මාණ වේ.
ජයග්‍රාහී නිර්මාණකරුවන් ද සහභාගී වන මෙම වැඩසටහන මෙහෙයවීම සිනමාවේදිනි අනෝමා රාජකරුණා විසිනි.
එදිනට එක්වන මෙන් ඔබ සැමට ආරාධනා!