ෆාතිමා ශනාස්ගේ “Hope” පූනේ අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ දී සම්මානයක් දින යි
4 වැනි පූනේ, ඉන්දියා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ දී හොඳම රචනය උදෙසා සම්මාන දිනාගැනීමට “Hope” කෙටිචිත්‍රපටය ලියා, අධ්‍යක්ෂණය කළ නිර්මාණවේදිනි ෆාතිමා ශනාස් සමත් විය.
රටවල් 132ක නිර්මාණකරුවන් සහභාගී වූ මෙම සිනමා උලෙළ පසුගිය දෙසැම්බර් මස ඉන්දියාවේ, පූනේ නුවර භාරති විද්යාපීත් හි දී පැවැත්වුණි.
“Hope” චිත්‍රපටය මෙවසරේ දී බෙංගාල ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල, බංග්ලාදේශ ගෝලීය යෞවන සිනමා උළෙල, GOA කෙටි චිත්‍රපට උලෙළ ඇතුළු විදෙස් සිනමා උලෙළ කිහිපයක්ම නියෝජනය කිරීමට අවස්ථාව හිමි කරගෙන තිබුණි.
හර්ෂි රසංගා, A. උමා, කලයි චෙල්වම්, අනිල් k. විජේසිංහ රංගන දායකත්වය සපයා ඇති මෙම කෙටි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය විරාජ් ලියනාරච්චි, සංස්කරණය සංඛ මල්වත්ත, නිෂ්පාදන කළමනාකරණය තමීර මංජු, සහාය අධ්‍යක්ෂණය ඉඳුවර අර්ථනායක, පසන් කස්තුරි සහ සංගීතය රචික ද සිල්වා අතින් නිම වී ඇත. නිෂ්පාදනය අනෝමා රාජකරුණා විසිනි.
ජාත්‍යන්තර ඇගයුම් ලැබූ නිර්මාණවේදිනි ෆාතිමා ශනාස්ට මිරර් ආට්ස් අපගේ උණුසුම් සුබ පැතුම්!