“කොළඹ නාට්‍ය කතිකාව” 2020 වසරේ පළමු අදියර ජනවාරි අග
නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වූ අවකාශයක් වන කොළඹ නාට්‍ය කතිකාවේ 2020 වසරේ පළමු අදියර ජනවාරි 28 වැනිදා සවස 5ට කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ශ්‍රී ලාංකේය ළමා නාට්‍ය කලාවේ වත්මන් තත්වය සහ අනාගතය පිළිබඳ එදින කතාබහ කිරීමට නියමිත ය.
ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම සහ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව නොමිලේ සංවිධානය කරන්නා වූ මෙම නාට්‍ය කතිකාවට එක්වන මෙන් සංවිධායකයින් ආරාධනා කර සිටියි.
එම වැඩසටහන මෙහෙයවන නාට්‍යවේදී එම්. සෆීර් මුහුණු පොතෙහි තැබූ සටහනක් පහතින්,
“ඔයත් එන්න... නාට්‍ය කලාවෙ අනාගතය වෙනුවෙන්.......
කොළඹ නාට්‍ය කතිකාව
කොළඹ නාට්‍ය කතිකාව යනු නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වූ අවකාශයකි. එම අවකාශයේදී නාට්‍ය විද්‍යාර්ථයන්, අධ්යක්ෂවරුන්, රචකයන් නලූ නිළියන්, විචාරකයන්, රංගාලෝක ශිල්පීන්, පසුතල නිර්මාණකරුවන්, ෙවිදිකා කළමණාකරුවන්, සිසුන් සහ පේ්රක්ෂකයන් ආදී සියලූ දෙනා එක් අවකාශයකට එක්වී දේශිය හා විදේශිය නාට්‍ය කලාවේ නිම් වළලූ පුලූල් කිරීම උදෙසා සංවිධානය කරනු ලබන්නාවු කථිකාවකි
2017 වසරේ සිට ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම හා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව පසුගිය වසර 03 ක් පුරා පවත්වාගෙන ආ ‘කොළඹ නාට්‍ය කතිකාව’ නම්වූ නාට්‍ය කලාවේ අතීතය, වර්තමාන සහ අනාගතය සම්බන්ධ සංවාද මාලාව අති සාර්ථකව පැවැත්විණි.
2020 වසරේ සිට මෙම නාට්‍ය කතිකාව තවත් අදියරක් ඉදිරියට ගෙන යමින් යුරෝපීය නාට්‍ය කලාවට අමතරව මෙරට නාට්‍ය කලාවේ වර්තමාන තත්ත්වය පිළිබඳවද සංවාද හා නාට්‍ය විඩියෝ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2020 ජනවාරි අවසන් අගහරුවාදා සවස 5 සිට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. එහි 2020 පලමු අදියර ලෙස,
ශී‍්‍ර ලංකීය ළමා නාට්‍ය කලාවේ වර්තමානය හා අනාගතය
ජනවාරි මස 28 වැනිදා සවස 5.00
ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය
මෙහෙයවීම - එම්. සෆීර්
මැදිහත්කරණය :
වරුණ අලහකෝන්
සුදර්ශන බණ්ඩාර
චාමික හත්ලහවත්ත
ශී‍්‍ර ලාංකීය ළමා නාට්‍ය කලාවේ වර්තමානය හා අනාගතය
ශී‍්‍ර ලාංකීය ළමා නාට්‍ය කලාව තුළ මේවන විට පාසල් මට්ටමින්, ප්‍රාදේශිය මට්ටමින් හා ජාතික මට්ටමින් විවිධ තරග සඳහා ළමා නාට්‍ය නිෂ්පාදනය වන අතර, එම තරගවලින් පසු ඒවාට අත්වන ඉරණම හා දිරි ගැන්වීම කෙබඳු දැයි යම් සමාලෝචනයක් කරමින් අනාගතයේ ළමා නාට්‍ය හා අධ්‍යපනය තුල නාට්‍ය කලාව කෙලෙස දිශානුගත විය යුතුද යන්න පිළිබඳව මෙම කතිකාවෙන් මතු කිරීමට අපේක්ෂා කෙරේ.”