පිකාසෝගේ සිතුවමක් හොරෙන් රට පටවන්න ගිය ධනවතෙක්ට වැඩ වරදියි
ලෝක පුජිත සිතුවම් ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ සිතුවමක් පිටරට වෙන්දේසියකදී අලෙවි කිරීම සඳහා හොර රහසේ රටින් පිට කිරීමට උත්සහ කළ ස්පාඤ්ඤ ජාතික ධනවතෙකුට මාස 18ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 58ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් කටයුතු කර තිබේ.
කලාකෘති එක්කාසුකරන 83 හැවිරිදි ජේම් බොටින්ට අයත් කුඩා මුහුදු යාත්‍රාවක තිබියදී, “Head of a Young Woman” සිතුවම ස්පාඤ්ඤ රජය බාරයට ගැනුණේ 2015 දී ය.
ජාතික වස්තුවක් ලෙස නම් කර තිබුණු මෙම සිතුවම ලන්ඩනයේ දී වෙන්දේසි කිරීමට සැලසුම් කරගෙන සිට ඇතැයි නඩු විමසීමේදී නීතිඥවරු කරුණු ඉදිරිපත් කර ඇත.
වසර 100කට වඩා පැරණි සහ සංස්කෘතික වශයෙන් වැදගත් යැයි සැලකෙන කලාකෘතියක් එරට ජාතික වස්තුවක් ලෙස නම් කෙරෙන අතර එවැනි කලාකෘති රටින් පිට ගෙන යාමට නම් එහි අයිතිකරු විශේෂ අවසරයක් ඉල්ලා සිටිය යුතු බව එහිදී අදහස් වේ.
බොටින් “Head of a Young Woman” සිතුවම 1977 දී ලන්ඩනයේ දී මිලදී ගෙන තිබු අතර බලපත්‍රයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව බොටින් “සංස්කෘතික භාණ්ඩ ජාවාරම” යන චෝදනාවට වරදකරු විය.
“Head of a Young Woman” සිතුවම මේ වනවිට මැඩ්රිඩ් නුවර රෙයිනා සොෆියා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර යි.