“ගාඩි” 18 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ජූරියේ විශේෂ ඇගයීමට
ප්රසන්න විතානගේ නවතම සිනමා නිර්මාණය වන “ගාඩි” 18 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ජූරියේ විශේෂ ඇගයීමට පාත්ර වී තිබේ.
“ගාඩි” ප්රධාන චරිතවලට පණ පෙවූ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා, සිනමාපටය නියෝජනය කරමින් ඊයේ (19) දින ඩකා අගනුවර දී පැවැත්වූ සම්මාන උලෙළට එක්ව සිටියහ. නොවැලක්විය හැකි හේතුවක් මත උලෙළට සහභාගී වීමට නොහැකි වූ අධ්යක්ෂවරයා වෙනුවෙන් ඔවුන් දෙදෙනා ඇගයුම් සහතිකය ලබා ගත්හ.
ප්රසන්න විතානගේගේ දස වැනි සිනමා නිර්මාණය වන “ගාඩි” උලෙළේ ප්රධානතම තරගකාරී අංශය වන ආසියානු සිනමා තරගය යටතේ තරග වැදුණි.
දකුණු ආසියානු කලාපය තුල සක්රියව පවතින උලෙළ අතර සිව්වන පැරණිතම අන්තර්ජාතික සිනමා උලෙළ ලෙසට සැලකෙන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළ පසුගිය ජනවාරි 11 වැනිදා සිට 19 වැනිදා දක්වා බංග්ලාදේශ අගනුවර දී පැවත්වුණි. රටවල් 74ක් නියෝජනය කරමින් අංශ 8ක් යටතේ චිත්රපට 220 එහිදී ප්රදර්ශනය කෙරුණි.
18 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූරියේ විශේෂ ඇගයුම් ලැබූ ඔබට මිරර් ආර්ට්ස් අපෙන් උණුසුම් සුබ පැතුම්!