කීර්තිගේ ජීවිත කතාව එළියට
ප්‍රවීන ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ අවුරුදු 44ක් වූ සංගීත දිවියත්, අවුරුදු 38ක් වූ ගායන දිවියත් ඇසුරින් උපාලි කුමාරවංශ රචනා කළ “කීර්ති - සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව” කෘතිය එළඹෙන 26 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
ඒ එදින සවස 3ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී ය.
කීර්ති පැස්කුවල්ගේ ජනප්‍රිය ගීත 30ක පද රචනාවන් සමඟ සම්පුර්ණ ස්වර ප්‍රස්ථාරත් එම ගීත අඩංගු CD තැටියකුත් පොත සමඟ නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබේ. එසේම ඉකුත් වසරේ සැප්තැම්බර් මස නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණු “මනමාල හැන්දෑව” ප්‍රසංගයේ DVD සහ Blue Ray තැටි ද ඊට සමගාමිව නිකුත් කිරීමට නියමිත ය.
ප්‍රවීන ගායන ශිල්පියාගේ උපන් දිනය යෙදෙන ජනවාරි 29 වන දින උදෑසන 9.30 ට මහරගම අපේක්ෂා රෝහලේ දී විශේෂ වැඩසටහනක් සිදු කිරීමටද ඔහු සුදානමින් සිටී. ප්‍රාර්ථනා අරමුදලට මහජනයා පරිත්‍යාග කළ ලක්ෂ 75ක මුදල අපේක්ෂා රෝහලේ බලධාරින් වෙත බාරදීම ද, අපේක්ෂා රෝහලේ නේවාසිකව වෙසෙන රෝගීන්ගේ මානසික සුවය සඳහා ඔවුන් සමඟ සංගීතමය හෝරා කිහිපයක් ගත කිරීමට ද, ඔවුනට ගීත ගැයීමේ අවස්ථාව සලසා දීමට ද එදින සැලසුම් කර ඇත.