පෙබරවාරියේ රිදී තිරයට එන දේශීය සිනමාපට
2020 වසර උදාවී මේ ගෙවී යන පෙබරවාරි මාසය, දේශීය සිනමාවට තවත් සුවිශේෂී කාලයක් වනු ඇත. ඒ පෙබරවාරිය තුල දී පමණක් සිංහල සිනමාපට 5ක් රිදී තිරයට පැමිණීමට නියමිත බැවිනි.
මෙම සිනමාපට වන්නේ මිචෙල් ෆොන්සේකාගේ “නිම්හිම් සෙව්වා”, සමීර වක්වැල්ලගේ “ද හෝන්”, සුජීව ප්රියාල්ගේ “සුපර්ණා”, හර්ෂ උඩකන්දගේ “සේද මාවතේ” සහ නාලක විතානගේගේ “ඊතලය” යි.
අනුවේදනීය ආදර කතාවක් මුල් කරගනිමින් නිර්මාණය වූ “නිම්හිම් සෙව්වා” අද (6) දිනයේ සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත යි.
විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක සිනමාපටයක් වන “ද හෝන්” හෙට (7) සිට තිරගත වීම ආරම්භ කර යි. ධනංජය සිරිවර්ධන, ටීනා ශනෙල්, කල්හාර වක්වැල්ල, රොෂාන් පිලපිටිය ඇතුළු පිරිසක් ඊට රංගනයෙන් දායක විය.
අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කළ සුජීව ප්රියාල්ගේ “සුපර්ණා” සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන්නේ පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනයේ දී ය.
හර්ෂ උඩකන්දගේ “සේද මාවතේ” එළඹෙන 20 වැනිදා පටන් LFD සිනමාශාලාවල දී තිරගත කෙරේ. පෙබරවාරි අවසානයේ තිරගත කෙරෙන්නේ නාලක විතානගේ අධ්‍යක්ෂණයක් වන, කැලුම් කුලරත්න ප්‍රධාන චරිතයට පණ පොවන “ඊතලය” යි.