චන්ද්‍රසිරි දොඩන්ගොඩ සාහිත ප්රණාම නිර්මාණ තරගාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය අද
“චන්ද්‍රසිරි දොඩන්ගොඩ සාහිත ප්රණාම” සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය 2019 ජයග්‍රාහී නිර්මාණ සඳහා සම්මාන සහතිකපත් සහ ත්‍යාග ප්රදානෝත්සවය අද (18) පස්වරු 2.45 ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේදී සිදු කිරීමට නියමිත ය.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රවීන ලේඛිකා අනුල ද සිල්වා, ප්‍රවීන මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල්, ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි එදින දෙසුම් පවත්වන අතර සභා ආමන්ත්‍රණය ප්‍රවීන සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩ විසිනි. සංගීත විශාරද ශෂිකා නිසංසලා සහ සංගීත විශාරද සමන් ලෙනින් එහිදී ගීත ගායනයෙන් එක්වනු ඇත.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ සුලවතානන්ගේ පරිණත පන්හින්දෙහි අවසන් ප්‍රයාමය, අල්තිනුගේ කතා වස්තුව
(නවකතාව), බිඳුණු පුරහඳ (ආඛ්‍යාන කාව්‍ය) යන කෘතීන් සමඟින් නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහී නිර්මාණ වන විමුක්තිය සොයා(නවකතාව), සුදු සාරිය සහ තවත් කතා (කෙටිකතා සංග්‍රහය), බුදල් මම වෙමි (කාව්‍ය සහ ගීත සංග්‍රහය) යන කෘතීන් දොරට වැඩුම ද මෙදින සිදුවේ.
ප්‍රවීන ලේඛක, කෘතහස්ත මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතාගේ දෙවර්ෂපූර්ණ ගුණ සමරුව නිමිතිකරගෙන එතුමන් මෙරට සාහිත්‍යයට, ජනමාධ්‍යවේදයට කළ මෙහෙවර අගයනු වස් සහ නවක ලේඛක, ලේඛිකාවන් හට තම නිර්මාණ කාර්යය සඳහා නිසි ඇගයීමක් ලබාදෙනු වස් චන්ද්‍රසිරි දොඩන්ගොඩ අනුස්මරණ පදනම විසින් මෙම තරගාවලිය සංවිධානය කෙරුණි.
වැඩිදුර විමසීම්:- 0718106637 / 0775108288