ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළට කෘතීන් බාර ගැනේ
22 වන වරටත් සංවිධානය කරන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා මුද්‍රිත කෘති බාර ගැනීම දැන් ආරම්භ කර තිබේ.
2019 වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කරන ලද, පළමු මුද්‍රණය 2019 ලෙසින් එළි දැක්වූ නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, යොවුන් නවකතා, ශාස්ත්‍රීය ග්රන්ථ, පුවත්පත් ලිපි එකතූන්, පරිවර්තිත නවකතා, සිංහලෙන් දෙමළට පරිවර්තනය වූ කෘති, දෙමළෙන් සිංහලට පරිවර්තනය වූ කෘති, ආදී සාහිත්‍යය නිර්මාණයන් ද ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් රචිත නවකතා, කෙටිකතා සංග්‍රහ සහ කාව්‍ය සංග්‍රහ ද සම්මාන සඳහා සලකා බැලේ.
මෙම නිර්මාණ ඉදිරිපත් කරන නවක ලේඛකයන් වෙනුවෙන් නවකතා, කෙටිකතා, කාව්‍ය සහ යොවුන් නවකතා අංශයෙන් වසරේ හොඳම නවක දායකත්වය වෙනුවෙන් සම්මාන හතරක් ද පිරිනැමීමට නියමිත ය.
මේ සඳහා කර්තෘ ප්‍රකාශකයින් සහ ලියාපදංචි ප්‍රකාශකයින් යන දෙඅංශයටම කෘති ඉදිරිපත් කළ හැකි අතර එක් නිර්මාණයකින් පිටපත් 3 බැගින් මරදානේ ගොඩගේ ආයතනයට ගෙනැවිත් බාර දිය යුතු ය.
කෘති බාර ගැනීමේ අවසන් දිනය 2020 මාර්තු මස 31 වැනිදා ය.
සම්මානයන් සඳහා තෝරාගන්නා කෘති වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මානය සමඟ මුදල් ත්‍යාග ද පිරිනැමේ. සම්මාන ප්රදානය 2020 සැප්තැම්බර් මාසයේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙනු ඇත.
තොරතුරු මුලාශ්‍ර : අනුරසිරි හෙට්ටිගේ
ප්‍රධාන සංවිධායක
071 5 316568
ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන සංවිධායක මණ්ඩලය වෙනුවෙන්.