ගුරුදේව පණිභාරත සියවැනි ජන්ම දින සැමරුම් උලෙළ 24 වැනිදා
හෙළ නර්තන කලාවේ පුනරුදය උදෙසා දශක හතකට අධික කාලයක් පුරා ඇප කැප වූ ආචාර්ය එස්. පණිභාරත සූරීන්ගේ උත්තුංග මෙහෙවර අගය කරනු පිණිස ප්‍රවීන ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ විසින් රචිත “ගුරුදේව පණිභාරත” අභිනන්දන කෘතිය ජනගත කිරීමේ උලෙළ පෙබරවාරි 24 වැනිදා පෙරවරු 10ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිත ය.
මෙම උලෙළ සංවිධානය කෙරෙන්නේ පණිභාරත සූරීන්ගේ සියවන ජන්ම දිනය නිමිති කොට ජාතික නර්තන දිනයට සමගාමිව ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වය දරන මෙම උලෙළේ ගුණ සමරු දෙසුම පවත්වනු ලබන්නේ ප්‍රවීන රංගනවේදී ජැක්සන් ඇන්තනි විසිනි.
පණිභාරත නර්තන නිර්මාණ චන්න උපුලි රංගායතනයෙනි.
රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය එක්ව ගුරුදේව පණිභාරත ජන්ම දින සැමරුම් උලෙළ සංවිධානය කරනු ලබ යි.