ජනප්රිය නළු කාවිංග පෙරේරා රිමාන්ඩ්
බීමතින් රිය පදවා පුද්ගලයෙක් මරණයට පත් කිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් රංගන ශිල්පී කාවිංග පෙරේරා ලබන මාර්තු 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය අද (19) නියෝග කරනු ලැබී ය.
තලංගම කලල්ගොඩ වෙලේ කඩේ හන්දිය ප්රදේශයේ දී මෝටර් රථයේ හප්පා මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්රාත් සේවයකු ජිවිතක්ෂයට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු තලංගම පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ මතුගම ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි එක් දරු පියෙ කි.