බොලිවුඩයේ නළුවන් අතර නළුවෙකු වූ ඉර්ෆාන් ඛාන් 28 දින Kokilaben Dhirubhai Ambani රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
ඒ හදිසියේ ඔහුගේසෞඛ්ය තත්ත්වය පිරිහෙන්නට පටන් ගැනීම නිසා. ඉර්ෆාන් පසුගිය වසර දෙකක පමණ කාලයක සිට neuroendocrine tumour නිසා දැඩි ලෙස රෝගාතුර වූවා. ඔහු වෛද්‍ය උපදෙස් අනුව සිනමාවෙන් තරමක් ඇත්වයි හිටියේ. එමෙන්ම ඔහුගේ ආදරණීය මව මීට සති කිහිපයකට පෙර මිය ගියත් ඇයගේ අවමගුලට සහබාගිවීමට ඔහුට ඉඩක් ලැබුනේ නැහැ කොරෝනා තත්ත්වය නිසා
ලංකාවේ බොහෝ දෙනෙක් ඉර්ෆාන්ගේ රගපැම් වලට ආදරය කරනවා. ඔහු සැබැවින්ම දක්ෂ රංගන ශීල්පියෙක්. ඔහු ජාත්‍යන්තර සිනමාව තුළත් අපිට මුණගැහෙනවා.
අති දක්ෂ නලුවෙක් වන ඉර්ෆාන් 54 හැවිරිදි වියේ පසුවෙනවා.ඔහු 2011දී පද්මශ්‍රී ගෞරව සම්මානයෙන් පිදම් ලබනවා. එමෙන්ම ඔහුු සිය රංගනය වෙනුවෙන් විවිධ සම්මානයන්ට පාත්‍ර වෙනවා.
ඉර්ෆාන් රංගන ශිල්පියෙක් ලෙස යළිත් අපිට මුණගැසේවි. ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!!!.