1960 වසරේ නිර්මාණය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂිකාවක ලෙසට තම සිනමා දිවිය ආරම්භකළ ලාංකේය සිනමාවේ සම්මානණීය සිනමා අධ්‍යක්ෂවරිය වන සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා දිවියට හැට වසරක් සපිරෙන මේ වසරේ ඇය ජපන් රජයෙන්(The Order of the Rising Sun) සම්මානයෙන් පිදුම් ලැබුවාය.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීම ඇගයීම උදෙසා ඇයට මෙම සම්මානය පිරි නමා තිබීම විශේෂත්වයකි මෙය ජපාන අධිරාජ්‍යයා ගේ නාමයෙන් විදේශිකයකුට පිරිනැමෙන ඉහළම සම්මානයකි. 1875 වසරේ දී ජපානයේ දී පිරිනැමීම ආරම්භ කළ මෙම සම්මානය වාර්ෂිකව ජපානය සමඟ ඇති විවධ සම්බන්ධතා හේතුවෙන් පිරිනැමෙන්නකි. මේ සම්මානය මෙයට පෙර මෙරට කිසිදු කෙනෙකුට පිරිනමා නොමැත.
ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්රයේ බිහිවූ අග්‍රගණ්‍ය සිනමාකාරිය වන සුමිත්‍රා පීරිස් ගඟ අද්දර, යහළු යෙහෙළි, ගැහැනු ළමයි,සාගරජලය, මායා ,දුවට මවක මිස, සක්මන් මළුව ඇතුළු චිත්‍රපට රැුසක් අධ්‍යක්ෂණය කළාය. මෙරට පළමු සිනමා සංස්කාරකවරියද වන ඇය ගම්පෙරළිය, දෙලොවක් අතර (හොඳම සංස්කරණය), ගඟ අද්දර, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (හොඳම අධ්‍යක්ෂණය)වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
සුමිත්‍රා පීරිස් මහත්මියට මිරර්ආර්ට්ස් හි සුබපැතුම්!!!.