පවතින තත්ත්වයන් තුළ නිර්මාණකරුවන්ට කරන්න හුගක් දේවල් නැහැ වගේ කියලා හිතෙන්න පුළවන් . අශෝක හඳගම කොවිඩ් 19 වලට ලොක්ඩවුන් කාල පරාශයේ චිත්‍රපටයක් නිර්මාණය කොට තිබේ.
එය නම්කොට තිබුනේ "ඇල්කොහොල් නැති බියර්"නමිනි.
මෙහි තිරපිටපත, ගීත රචනය සහ අධ්‍යක්ෂණය අශෝක හඳගම.සංස්කරණය- රුක්මල් නිරෝෂ්ය. තනු නිර්මාණය ඉන්ද්‍රචාප ලියනගේ. රංගනයෙන් දායකවූූවෝ, නදී කම්මැල්ලවීර, සමනළී ෆොන්සේකා ,රුක්මල් නිරෝෂ්, ඉන්ද්‍රචාප ලියන්ගේ සහ ශෂිනි ගමගේ ය.
මෙම චිත්‍රපටයේ මංගල දර්ශණය අද, මැයි 10 වන දින සවස 7 ට යූ ටියුබ් චැනලයෙන් ආරම්භ විය.
ලොක්ඩවුන් සිනමා නිෂ්පාදකයන් විසින් මෙය නිෂ්පාදනය කර තිබේ.
සිනමාව රිදී තිරයක පමණක් නොව ජංගම දුරකථනය ඇතුළු නවීන මෙවලම් තුළින් දැක බලාගන්නට හැකි අයුරින් සිනමාව අනුවර්ථනය වී තිබේ.
සමාජ දුරස්ථකරණය තුළ විවිධ ගීත මෙන්ම නාට්‍යද ලංකාවේ නිර්මාණය වී සමාජජාලා තුළින් අපිට දැක ගන්නට ලැබිනි.
හඳගමගේ නවතම චිත්‍රපටයේ කතාව නූතන ලෝකයේ පේ‍්‍රමය,ආදරය පිළිබඳ කතාවකි. මේ චිත්‍රපටය ඔබ නරඹන්න. ඔබේ සිත ආදරයෙන් වැටුන මොහොතක් තිබුනානම් ඒ මොහොත ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන් සොයාගත හැක.