70 දශකයේ ජනප්‍රිය සිනමාවේ ජනප්‍රියම මෙන්ම අහිංසකම ආදරවන්තයා වූයේ ඔහුය. ඒ තිස්ස විජේසුරේන්ද්‍ර ය. ඒ ආදරවන්තයා සැබැවින්ම ආදරණීය මිනිසෙකු විය. ඔහු ආදරණීය සැමියෙකු විය. ආදරණීය පියෙකු විය. සුන්දර මිත්‍රයෙකු විය.
කලක් තිස්සේ ඔහු පිළිකා රෝගයෙන් පෙළමින් සිටි බව සුරණි මිරර්ආර්ට්ස් වෙත පැවසීය. වෛද්‍යවරු ඔහුගේ ජීවත් වීම පිළිබඳ කාල සීමා දුන්නද ඔහු හාස්කමකින් මෙන් ඒ කාලය ඉක්මවා ජීවත් විය. නමුදු ආවොත් යායුතුමය. එහෙයින් තිස්ස අයියා යන්නට ගොසිනි.
තිස්ස විජේසුරේන්ද්‍ර 1970 තිරගතවූ නිම් වළල්ල චිත්‍රපටයන් සිනමාවට පිවිසියේය රන් කුරුල්ලෝ සුරේඛා, නෑදෑයෝ, නිලුකා, සිතක සුවඳ, ලස්සන කෙල්ල, දීපාංජලී,අනුෂා, බොනික්කා, ලසදා, සුදු පරවියො ,යන චිත්‍රපටවල ආදරණීය ආදරවන්තයා විය . ඇය ඔබට බරයි චිත්‍රපටයේ ඔහු දුෂ්ට චරිතයක් නිරූපණය කළේය .
තිස්ස විජේසුරෙන්ද්‍ර සිනමාවේ යුගයක් නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකි. දියණියන් තිදෙනෙකුගේ ආදරණීය පියාණන් වූ තිස්ස අයියා සාවිත්‍රී විජේසුරෙන්ද්රට ආදරබර සැමියෙක් විය.
තිස්ස අයියේ සැබැවින්ම ඔබ සොඳුරුම වූ මිනිසෙකි. ගිහින් එන්න. ඔබට සුබ ගමන්!
තිස්ස විජේසුරේන්ද්‍ර ජ්‍යෙෂ්ඨ කලාකරුවිගේ වියෝව පිළිබඳ මිරර්ආර්ට්ස් හි ශෝකය මෙසේ පළකරමු!.