ලාල් හෑගොඩ මහතා සාහිත්‍ය ලෝකයේත් ජායාරුප ක්ෂෙත්රයේත් ප්රවීණයෙකි.ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය "කෝමළනි" මැයි මස 20 දින එළිදැක්වීමට නියමිතය.
වර්තමානයේ තම කෘති ලේඛකයන්ට ජනගත කිරීමට සිදුව ඇත්තේ අන්තර්ජාලයෙනි.
ලාල් හෑගොඩ සාහිත්‍යවේදියාගේ නවතම කවි සංග්‍රහයේ ඊ කෘතිය සමග මුද්‍රිත කෘතියද මැයි 20 වනදා උදෑසන එළි දකී.
ලාල් හෑගොඩගේ අත්සන සහිත පිටපත් විදර්ශන පොත් ප්‍රකාශකයන්ගේ කාර්යාලය වෙත පැමිණ හෝ www.kbooks.lk හරහා පූර්ව වෙන් කිරීමක් කර ලබාගත හැක.
මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි.
පෙම් කවක් ලිවිය යුතු උන් සැමට
වෘකයන්ද සරණ බිම
පෙම්පතක් යවනු පළ වෙද
කැක්කුම් දෙන ළයට
රයිපලය බර නොවේ
කොළයත් පෑනත් තබා
සඳෙන් බැස එමි
මල් පිපෙන බිමකට
වෘක පා සටහන්
කුමකට
කුමක් කළේද ඔබ
දෙවියන් ලොව සාවුන් මැවූයේ
වෘකයන් සමගින් වසන්නට නොවෙද ?
ලොව සුන්දරත්වය එයම නොවෙද ?
රයිපලයට තවත් පතුරොමක් ඔබමි.....