ප්‍රවීණ ජේෂ්ඨ ජනප්‍රිය ගායනවේදී සංගීතඥ වික්ටර් රත්නායකයන්මේ දිනවල සිටින්නේ රෝහල් ගතවය. ඔහු පිළිබඳ විවිධ සටහන් ලියැවී තිබුනේ ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමිනි. මේ අතර තවත් සමහරු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් දරුවන් සහ පියා අතර යළිත් අර්බූද වර්ධනය කරණු වස් විවිධ වීඩියෝ වැඩ සටහන් දියත් කර තිබෙනු ද දක්නට ලැබුනි.
වික්ටර් රත්නායකයන් ගේ පෞද්ගලික ජීවිතය මෙන්ම ඔහුගේ දරුවන් සහ ඔහු අතර ඇතැයි සැළකෙන යම් යම් කාරනා ඔහුගේ ගීත රසවිදින්නෙකුට අදාළවන්නේ කෙසේදැයි නොදනිමු. කෙසේ වුවද අප මීට පෙර ද සඳහන් කළාසේ වික්ටර් රත්නායක සහ දරුවන් අතර ඇති සම්බන්ධකම් මෙන්ම ඒ ඇතැයි කියන සියල්ල ඔවුනොවුන්ට විසඳාගන්නට හරින්න.
මේ මොහොතේ වික්ටර් රත්නායකයන් සිටින රෝගී තත්ත්වයෙන් මිදී සුවපත්ව ඔහු ට යළි පේ්රක්ෂකයන්ගේ රසවින්දනය උදෙසා සංගීත කටයුතු වල යෙදෙන්නට ශක්තිය සුවය ප්‍රාර්ථනා කරන්න.
වික්ටර් රත්නායකයන්ගේ වකුගඩු තුළ සිදුකළ ශල්‍ය කර්මයකින් පසුව ඔහු තරමක් සුව අතට පත්වෙමින් සිටිය ද ශල්‍ය කර්මයේ සංකූලතා මත නැවත ඇති වූ ශ්වසන ආබාධයක් හේතුවෙන් මේ වන විට යළිත් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින කිහිපයක් වේ. වෛද්‍යවරුන්ගේ සුවිශේෂී මැදිහත්වීමෙන් මේ වන විට යළිත් සුව අතට පත්වෙමින් සිටන බව වාර්ථාවේ.
මේ වනවිට පෞද්ගලික රෝහළක ප්‍රථිකාර ලබමින් සිටින වික්ටර් රත්නායක නම් වූ මධුර තනු සැදූ, මධුර ගී ගැයූ ,මාධූර්්යමත් හඩ ඇත්තාවූ ඔහුට ඉක්මන් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!!!. ඔහුට ඉක්මන් සුව ලැබේවා!!!